Personal brand එකක් හදාගන්නේ කොහොමද ?

Personal brand එකක් හදාගන්නේ කොහොමද.....??
මේ ලෝකෙ තියන සුපිරිම brands ටිකක් තමයි Apple , benz , bmw , facebook , coca cola කියන්නෙ . Personal branding කියලා සාමාන් යයෙන් මම අදහස් කරන්නෙ තමන්ට වටිනාකමක් , හරිම uniqueness ගතියක් එකතු කරගැනීමටයි . ඉතින් තමන්ගෙ personal brand එකෙ unique ගතිය හදාගන්න එක කට්ට කාලා කරන්න ඕන සංකීර්ණ දෙයක් නෙවෙයි .
  1.  ඔයාට ඕන විදියට ඉන්න . 
  2. දේවල් දකින විදිය ලස්සන කරගන්න .
- Who are you -

මම නම් photographer කෙනෙක් , මගෙ නම් ඇගේම තියෙන්නෙ music , Art එන්නෙ මගෙ ඇතුලෙන්මයි , මම නම් අනිවාරෙන්ම businessman කෙනෙක් ..
මේ ඔයාගෙ passion එක ගැනයි කියන්නෙ .ඔයා දාහක් දේවල් වලට superb . ඒ අතරිනුත් උඩින්ම තියන දේ හොයාගන්න .

- your field -

" සාර්ථක වෙන්න නම් ඔයා කරන දෙයට ආදරය කරන්න . එහෙම නැත්තම් ආදරය කරන දෙයක් කරන්න පටන් ගන්න " මෙහෙම කියන්නෙ බිල් ගේට්ස් . ඔයාට දැනෙන්න ඕන ඔයාගෙ feild එක hobby එකක් වගෙ . එහෙම වුනොත් ඔයා සිකුරාදා නිවාඩු එනකම් බලාගෙන ඉන්න එක වෙනුවට සදුදා වැඩ කරන දවස වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉදිවී .

- life history -

ඔයාගෙ අතීත ජීවිත කතාව හොද වුනත් නරක වුනත් කමක් නැහැ . ඒක දකින විදිය වෙනස් කරගන්න . ඒක නරක එකක් නම් ඔයාගෙ කතාව ලස්සන කරගන්න හම්බවුන බෝනස් එකක් විදියට දකින්න .

- personal qualities -

ඔයා ලෝබ නැති කෙනෙක් නම් , ගොඩාක් අහිංසක නම් , තද චරිතයක් නම් , සැරයි නම්.. වගේ කොලිටීස් එකතු වෙලා තමයි brand එකක් නිර්මාණය වෙන්නෙ . අනිත් අයටවත් තමන්ටවත් අංශුවක හානියක් නැති කොලිටීස් අමුතුවෙන් වෙනස් කරන්න යන්න ඕනත් නැහැ .

- unique things -

ඔයාගෙ අඩුපාඩු ගැන හිතලා දුක් වෙන කෙනෙක් නම් ... මේ අඩුපාඩුම තමයි ඔයාව අනිත් අයගෙන් වෙන් කරලා unique කරලා අදුරගන්න items වෙන්නෙ . ප් රශ්නෙ තියෙන්නෙ ඒ දේවල් ගැන ඔයා සතුටු නොවී දුක් වෙන්න යන එකයි . වෙනස් කරන්න පුලුවන් අඩුපාඩු නම් වෙනස් කරගන්න . ඒක ප් රශ්නයක් නැහැ . එහෙම බැරි අඩුපාඩු කියන්නෙ ඔයාට හම්බවුන තෑගි විදියට දකින්න පටන් ගන්න . අඩුපාඩු නිසා unique වුන කෙනෙක් තමයි winnie harlow කියන්නෙ හොයල බලන්න එයා ගැන .

" personal brand එකක් කියන්නෙ ඔයාගෙ ඇත්තම ස්වරූපයටයි "

ලග්න රැසකට වාසනාව කැන්දන අද දවස ඔබේ ලග්නයටත් කොහොමද?

 මේෂ ලග්නය

🟢 මේෂ ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වේ. අද දවසේ සෑහීමකට පත් විය හැකි ආදායමක් ලැබේවි. රැකියා ස්ථානයේ ඔබට අපේක්ෂිත ස්ථාන මාරුවක් ලැබෙනු ඇත. කර්මාන්තයට අදාළ නවීන මෙවලම් මිලදී ගැනීමට දරන උත්සාහය සාර්ථක වනු ඇත. ශුභ කටයුතු සඳහා දරන උත්සාහය තුළ යහපත් ප්‍රතිඵල ලැබේ. පරණ ණය ගෙවන්න.


වෘෂභ ලග්නය

🟢 වෘෂභ ලග්න හිමියන්ට අද දවස කරදරකාරී දිනයක් වනු ඇත. අද දවසේ පවුල් ප්‍රශ්න මතුවී පහව යනු ඇත. රැකියා ස්ථානයේ සම සේවකයින් සමඟ අනවශ්‍ය සාකච්ඡා ඇති වේ. ඔබේ සහකරුට විශ්වාස කිරීම වඩා හොඳය. ඔබගේ මුදල් අවශ්‍යතාවය වැඩි වේ. සෞඛ්‍යයට අවධානය අවශ්‍යයි.


මිථුන ලග්නය

🟢 මිථුන ලග්න හිමියන්ට අද දවස සුබ දවසක්. අද පවුලේ ප්‍රීතිමත් සිදුවීම් ඇතිවේ. ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට ඔබ උනන්දු වනු ඇත. ශාරීරික සෞඛ්‍යය යහපත් වනු ඇත. සියලු ශුභ කටයුතු සාර්ථක වනු ඇත. ව්‍යාපාරික චාරිකාවලින් වාසි ගෙනදේ.


කටක ලග්නය

🟢 කටක ලග්න හිමියන්ට අද දවස එතරම් සුබදායක නොවේ. අද ඔබ කලබලයට පත් වනු ඇත. නියමිත වේලාවට වැඩ කිරීමේදී කාර්යයන් සම්පූර්ණ කිරීමට අපහසු වීම. සගයන්ගේ සහයෝගය ලැබීම යහපත්ය. පවුල තුළ මතභේද ඇති වේ. අද දිනයේ මුදල් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. එබැවින් මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී විය යුතුය.


සිංහ ලග්නය

🟢 සිංහ ලග්න හිමියන්ට ඉවසීමෙන් කටයුතු කිරීමට අද දිනය ඉතා වැදගත් වේ. රැකියා ස්ථානයේ වැඩ වැඩි වනු ඇත. උසස් අයගේ නියෝග පිළිපැදීම වඩාත් සුදුසුය. ජීවිත සහකරු සමඟ කලකිරීම් ඇති වේ. අද වියදම් වැඩි වේවි. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ලාභයක් ඔබට නොලැබේ. සෞඛ්‍ය තත්වයේ ඇස්වල කැක්කුම ඇතිවීමට ඉඩ ඇත.


කන්‍යා ලග්නය

🟢 කන්‍යා ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. අද ඔබට යහපත් මුදල් ප්‍රවාහයක් ලැබෙනු ඇත. පවුල තුළ සුබ වියදම් යෙදේ. දරුවන් සහය වනු ඇත. රැකියා ස්ථානයේ අපේක්ෂිත ස්ථාන මාරුවක් ලැබෙනු ඇත. වෘත්තීමය වශයෙන් විදේශ ගමන් යාමට සිදු විය හැක. ගෘහ අවශ්‍යතා සපුරාලනු ඇත. ණය අඩුවේවි.


තුලා ලග්නය

🟢 තුලා ලග්න හිමියන්ට අද දවස සාමකාමී වේ. රැකියා ස්ථානයේදී ඔබට පිළිගැනීමක් ලැබෙනු ඇත. ඔබේ සහකරු ඔබේ සිහිනවලට සහාය වනු ඇත. අද ඔබේ මුදල් ප්‍රවාහය වැඩි වනු ඇත. ඉතිරිකිරීම් ප්‍රමාණවත් වනු ඇත. සෞඛ්‍යය ස්ථාවර වනු ඇත.


වෘශ්චික ලග්නය

🟢 වෘශ්චික ලග්න හිමියන්ට අද දවස දුෂ්කර දවසකි. අද දින කුඩා සෞඛ්‍ය ගැටලු ඇතිවේ. සිතේ සහනය අඩුවේවි. රැකියා ස්ථානයේ අන් අයගේ කටයුතුවලට මැදිහත් නොවී සිටීම හොඳය. මූල්‍ය තත්ත්වය ස්ථාවර නොවනු ඇත.


ධනු ලග්නය

🟢 ධනු ලග්න හිමියන්ට අද දිනය ඉතා යහපත් දිනයක් වනු ඇත. අද දින ඔබ නව උද්යෝගයකින් ඕනෑම කටයුත්තක නිරත වනු ඇත. සමහරුන්ට අලුත් දේවල් මිලදී ගැනීමට ආශාවක් ඇත. පවුල තුළ අඹුසැමියන් අතර මතභේද පහව ගොස් සමගිය වැඩි වේ. මුදල් ප්‍රවාහය යහපත් වනු ඇත. සෞඛ්‍යය විශේෂයි.


මකර ලග්නය

🟢 අද දිනය මකර ලග්න හිමියන්ට ඉතා යහපත් දිනයකි. අද ඔබ නව දීප්තියකින් හා ජවයකින් යුතුව දකිනු ඇත. ව්‍යාපාර කටයුතුවලදී පිටස්තර අයගෙන් වාසි අත්වනු ඇත. අපේක්ෂිත උපකාර ලැබේ. සෞඛ්‍ය යහපත් වනු ඇත.


කුම්භ ලග්නය

🟢 කුම්භ ලග්න හිමියන්ට අද දිනය සුබදායක දිනයක් වනු ඇත. අද ඔබ හොඳ මනෝභාවයකින් දකිනු ඇත. රැකියා ස්ථානයේ වාසනාවන්ත තත්ත්වයක් පවතී. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සබඳතා වර්ධනය වනු ඇත. දිරි දීමනා ආකාරයෙන් මුදල් ප්‍රවාහයක් ලැබිය හැකියි. සෞඛ්‍ය යහපත් වනු ඇත.


මීන ලග්නය

🟢 මීන ලග්න හිමියන්ට අද දවස කරදරවලින් පිරුණු දවසකි. අද ඔබේ වර්ධනය මන්දගාමී වනු ඇත. රැකියා ස්ථානයේ ඔබ සගයන් කෙරෙහි උඩඟු බවක් පෙන්වනු ඇත. ඔබේ සහකරු සමඟ ආදරණිය සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. අද දවසේ මුදල් පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම වැදගත්ය. සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.  

ටි ගමන් ඇති වෙලා ඔබ අසරණ කර වූ මුහුණේ මාංසපේශි ආඝාත තත්ත්වයක් සුව කරන්නේ කොහොමද?

මුහුණේ පැත්තක මාංසපේශී ආඝාතයට ලක් වීමත් ඔබ අහලා නැතිව ඇති. ඒ කියන්නේ මුහුණේ පැත්තක මාංසපේශි වැඩ කරන්නෙ නැතිව යනවා. අකර්මණ්‍ය වෙනවා.

අංශභාගයට ලක් වෙනවා. හිතාගන්නත් බැහැ නේද එහෙම මුහුණේ විකෘතියක් ඇතිවුණොත් ඔබට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. දැක්ක කෙනකුට මුහුණේ මේ වෙනස සැනින් වැටහෙනවා.

කොහොමද මේ වගේ වෙන්නේ? ඔබට එවැනි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. සරලවම මේ ගැන කියා දෙනවා නම් ඒක මෙහෙමයි.

පුරාණ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානම දෙයක් තමයි රෝගියා ඇවිත් පවසන දේටත් වඩා එහා ගිහින් රෝග පරීක්‍ෂාවකින් නිවැරැදිවම රෝග තත්ත්වය අවබෝධ කරගැනීම. එය පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයේ හඳුන්වන්නේ ත්‍රිවිධ රෝග පරීක්‍ෂා විධි කියලයි. ආප්තෝපදේශ, ප්‍රත්‍යක්‍ෂ සහ අනුමාන යන එම විධි ත්‍රිත්වයයි.

අපට පුළුවන් ඉන්ද්‍රියයන්ට ගෝචර වන දෙය අනුව රෝගය නිසැකයෙන්ම දැනගන්න.

කන උපයෝගී කරගෙන රෝගියාගේ අන්ත්‍ර කූජනය හෙවත් බඩවැල් තුළ ඇතිවන ශබ්ද, අස්ථි සන්ධිවල ඇතිවන ශබ්ද, කටහඬෙහි වෙනස්වීම්, හෘදයේ, පෙණහලු ආදී අන්‍ය ස්ථානවල ඇතිවන ශබ්ද පරීක්‍ෂාවෙන් යමක් දැනගත  හැකියි.

පුරාණ වෙදකමේ එය ගැඹුරින් උගන්වනවා.

ඇස උපයෝගී කරගෙන,  ශරීර වර්ණය ආකෘතිය, ස්ථුල කෘශ ආදී වශයෙන් ශරීර ප්‍රමාණය, කාන්තිය, මුත්‍ර වර්ණය, මල වර්ණය නේත්‍ර හා දිවේ වර්ණය ආදී ලක්ෂණ පරීක්‍ෂා කළ හැකියි. එසේම නාසය උපයෝගී කරගෙන රෝගියාගේ ශරීරයේ හෝ මල මුත්‍රා ස්වේදෙස් ආදියෙහි හෝ ඇති ස්වාභාවික හෝ අස්වාභාවික හෝ ගන්ධයන් පරීක්‍ෂා කළොත් රෝගය හරියටම අල්ලා ගත හැකි දැනුම පුරාණ වෙදකමෙන් අපට උරුම වෙලා තියෙනවා. අද වෙද්දී දියුණු උපකරණ මඟින් මේවා සොයා ගත්තත් පුරාණ වෙදකමේ ඒවා සැණින් අල්ලා ගත්තේ රෝගියා පරීක්‍ෂා කළ සැණින්මයි. ඒවා අද තියෙන පරීක්‍ෂණවලට වඩා විශ්වාසදායකයි.

පංච පරීක්ෂා පොතේ ‍ෙදාස් තදින් කිපීමෙන් ශරීර උපද්‍රවලට හේතු සොයාගත හැකි බව දක්වා තිබෙන්නේ මෙහෙමයි.

“‍ෙදාසකොපෙඝනොල්පෙච පූර්ව නාඩි පරීක්‍ෂයෙත් අතිසා ‍ෙදාස්ථිතෙයශ්‍ය විඝෙණයං හෙජ්ජඑටං” යනාදී වශයෙනුයි. මෙහි සරල අර්ථය මෙහෙමයි.

“‍ෙදාස් කිපීමේදී පළමුවෙන්ම තද අඩු නාඩි පරීක්ෂා කරන්නේය. ‍ෙදාස් තදින් කිපීමෙන් උපද්‍රවයට හේතුව සොයාගත හැක්කේය.

මෙහෙම වුණේ හත්වැනි කපාල ස්නායුව අනතුරට පත්වීම නිසා ඇතිවන්නක් බව අපට රෝගියා පරීක්‍ෂාවෙන් වටහාගත හැකි වුණා. මෙය වැඩිදියුණු තත්ත්වයට පත් වුණාම මාංසපේශීන් හයක් පමණ ආඝාතයට ලක්වීමට පවතින ඉඩකඩ වැඩියි.

එහෙම වුණාම ඇස් පිය වැසීමට බැරි වෙනවා. නළල රළු කිරීමට බැරි වෙනවා. කට පැත්තකට ඇදී යනවා. කට සෝදන විට වතුර මුඛය කෙළවරින් පෙරෙනවා. කලාතුරකින් සංවේදී බවත් නැතිව යන්න ඉඩ තියෙනවා. මෙම රෝග තත්ත්වයට ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. එය ඉතා කෙටි කාලයකින් සුව කළ හැකි පුරාණ බෙහෙත් හා ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ස්නායු පිබිදවීමේ සත්කාරයත් ප්‍රධානයි. ඒ සඳහා වන ව්‍යායාම් කිහිපයකුත් රෝගය සුව වෙමින් තිබියදී නිර්දේශ කළ හැකියි. කල් බල බලා නොඉඳ ප්‍රතිකාර නම් ගත යුතුමයි. දේශීය වෙදකමේ ස්නායු පිබිදවීමත්, පේශීන් අකර්මණ්‍ය වීමත් යන කාරණාවලට ඉතා ඉහළ ප්‍රතිකාර හා සත්කාර බොහෝමයි.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය

අඟහරුවාදා – අතුරුගිරිය 8-12 සහ නිට්ටඹුව බදාදා රත්නපුරය, සිකුරාදා මහනුවර, අඹතැන්න, සෙනසුරාදා වෙන්නප්පුව ඉරිදා  මහනුවර අඹතැන්න.

සුලක්ඛන ජයවර්ධන 

මුඛ පිළිකාවක ලක්ෂණ කල් තියා හඳුනා ගන්නේ මෙන්න මෙහෙමයි. අනිවා මේ ගැන හැමෝම දැනුවත් වෙන්න


මුඛ පිළිකාව මාරන්තිකයී. එත් කල්තියා හඳුනාගත් විට සුවපත් කළ හැකිය. මුඛ පිළිකා පිළිබඳව තවමත් අපේ රටේ ජනතාව අතර ප්‍රමාණවත් දැනිමක් නැති බව පෙනී යන්නේ බුලත් විට කෑම, අුම්වැටි ඉරිම මෙන්ම මත්පැන් භාවිතය ද තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් සිදු කෙරෙන නිසා ය.

ලෝකයේ මුඛ පීළීකා බහුලවම වාර්තා වන රටවල් අතර ශ්‍රි ලංකාවට හිමිවන්නේ මුල් තැනක්. වසර 2008 වනවිට ලෝකයේ මුඛ පීළීකා රෝගයීන් 399,564ක් වාර්තා වු අතර 2006 වසරේ ශ්‍රි ලංකාවේන් වාර්තා වු මුඛ පීළීකා රෝගින් සංඛ්‍යාව 1817.ක්.


පීළිකා රෝගින් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ මුඛ පීළිකාවෙන්. පීළිකා රෝගය අතරින් නව වැන් ස්ථානය හිමිවන්නේ මුඛ පිළිකාවටයී. පිරිමින්ට වැඩිපුරම හට ගන්නේ මුඛ පිළිකාවයී. එමෙන් ම මුඛ පිළිකා හේතුවෙන් දවසකට දෙන්නෙක් හෝ තිදෙනෙක් මරණයට පත්වේ.


මුඛ පිළිකා ඇතිවිමට සෘජුව ම බලපාන්නේ බුලත්විට කෑම ය. හුණු, දුං කොළ, පුවක් පමණක් නොව බුලත් කොළයේ මුල සහා අග කොටස්වල පීළිකා කාරක අඩංගු බව නවීන පරියේෂණවලින් හඳුනා ගෙන තිබේ. එහෙයින් කලකට පෙර දුං කොළ හා හුණු භාවිතය ඉතා හානිකර බවට අවධාරණය කෙරුණු අතර වර්තමානය වනවිට බුලත් සහා පුවක් කෑම ද බරපතළ ලෙස හානිදායක බවට වෛද්‍යවරුන් අවවාද කරති.


වතුකර ජනතාව,රියදුරන්, කොන්දොස්තරවරුන් ඇත්ගොව්වන් හා කම්කරුවන් අතර බුලත් විට කෑම බහුලව සිදුකෙරේ. එමෙන්ම තරුණ පිරිස අතර මුඛ පිළීකා ඇතිවිම ද නව ප්‍රවණතාවයකී. ඊට මුලික හෙතුවක් වන්නේ බුලත් විට දුම්වැටි ඉරිම මෙන්ම පුවක් කැබලි හැපිම ය.


බුලත් විට කෑම,දුම් ඉරිම, මත්පැන්, මුඛයේ අපිරිසිදු භාවය, වෛරස, දීලීර ආසාදන, එච්.පි.වි තත්වය මුඛ පිළිකාවට හේතු කාරක වේ. බැලත් විට කෑමේන් පසුව මුඛය පිරිසිදු කිරිම. සමබර ආහාර එළවළු හා පළතුරු ආහාරයට ගැනිම මේන්ම තේ පානය ද මුඛ පිළිකාවේන් වැළකිමට හෙතු වේ.


බුලත් කොළවල බුලත් මල්,ද~ු හා නැටිවල පිළීකා කාරක අඩංගු ය. පුවක්වල ඇති ඇල්කොලොයිඩ් වර්ග හතරක් පිළිකාකාර බව සොයා ගෙන තිබේ. හුණු ශරිරයේ සෛලවලට විෂවිම සහා තුවාල විමටත්,අණුක ඔක්ස්ජන් පරමාණුවක් නිදහස් කිරිම මගින් ජාන විකෘතිතා ඇති කිරිමටත් හේතු වේ. දුම්කොළවල පීළිකා ජනක විසි අටක් තිබේ. දුංකොළ සැපිමේදි අණුක ඔක්සිජන් පරමාණුව නිදහස් කිරිම මගින් විකෘතිතා ඇතිකිරිමටත් හේතු වේ.


දුම් වැටි ඉරිමේ දි නිකොටින් හා කාබන්මොනොක්සයිඩ් සිරුරගත වේ දුම්කොළ වල ඇති තාර රසා යනිකයන්ගෙන් 69 පිළිකා ජනක බව සොයාගෙන ඇත. මේවා මුඛය, උගුර, ගලනාලය හා මුත්‍රාශය යන ස්ථානවල පිළිකා ඇති කරයී.


මධ්‍යසාරවල ඇති එතනෝල් හා ඇතැම් රසායනික පිළිකා ජනක වේ. ඇතැම් බියර් සහා විස්කි වර්ගවල පිළිකා ජනක තිබේ. මධ්‍යසාරවල ඇති එන්සයිම ක්‍රියාකාරිත්වයෙන් ඇති වන රාසායනික සංයෝග පිළිකා හැදිමට ඉවහල් වේ. මුඛ ශ්ලේශ්මලයේ ඇති ලිපිඩ ආවරණය මධ්‍යසාර මගින් දිය කර හැරිම නිසා පිළිකා ජනක උරාගානීම පහසු කරයී. විකෘති වු ජාන ඩි.න්.ඒ නැවත නිවරදි කිරිම නතර කරයී. පෝෂණ ඌණතා ඇති කරයී. ප්‍රතිශක්තිකරණය හීන කරයී.


තමන්ට මුඛ පිළිකාවක් හටගැනිමට ඉඩ ඇති බව නිතර බුලත්විට හපන බාබුල් බීඩා වැනි පුවක් පැකට් හපන,දුම් බොන සහා මත්පැන් බොන අවදානම් පිරිස් දැනසිටිය යුතු ය. පුරුව පීළිකා ලක්ෂණ ඇත්දැයී තමා විසින්ම කන්නාඩියක් ඉදිරිපසට වි මුඛය හැර පරික්ෂා කර බලන්නට පුළුවන. විදුරුමස්,හන්වල හෝ තොල් යට සුදු පැහැ ලපයක් ඉදිමි ගැටිත්තක් හෝ ඉදිරියට නෙරුමක් හෝ පැල්ලමක් වේ නම් වහාම වෛද්‍යවරයකු හමුවි එය පරික්ෂා කර ගැනීම වැදගත්ය.


තමාට මුඛය පරික්ෂා කර ගැනීමට අපහසු නම් තව කෙනෙකු ලවා මුඛය පරික්ෂා කරගත හැකි ය. වසරකට වරක් දක්ත වෛද්‍යවරයකු ලවා මුඛය පරික්ෂා කරවා ගත්විය මුඛ පිළිකාවක පුර්ව ලක්ෂණ ඇත්නම් හඳුනාගත හැකිය.


පඅරුද්දක් ලෙස බුලත්විට හපන දුම් උරන සහා මත්පැන් බොන පුද්ගලයන් සහා දිනකට පුවක් පැකට් එකක් වත් හපන අය අවධානම් කණ්ඩායම් වලට අයත් ය. එ වැන්නන් මුඛ පරික්ෂාව කෙරෙහි උනන්දු විය යුතු ය. මුඛ පිළිකාව කල්තියා හඳුනාගත් විට එය ඉවත් කොට ආයු කාලය වර්ධනය කර ගතහැකිය. මුඛ පිළිකාව හිතා මතා වළක්වා ගත හැකි රෝගයකී. ඉහත සඳහන් අයහපත් චර්යාවලින් වැළකිම ඊට ඇති හොඳම පීළියමයී. රජය මගින් මුඛ පිළිකා වළක්වා ගැනිමේ අරමුණැතිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.


ප්‍රසිද්ධ ස්ථානවල බුලත්විට කෑම තහනම් කිරිම,බුලත් කෙළ ගැසිම තහනම් කිරිම,රාජ්‍ය ආයතන වල බුලත්විට කෑම තහනම් කිරිම ඉන් සමහරකී. ආනයනය කරන ලද පුවක් පැකට් වල ඇති පුවක් සෑපිම දැන් පාසල් ළමයින් අතර පවා ඇබ්බැහියක් ලෙස පැතිර යයී. මේවා තහනම් කිරිම මෙන් ම ලංකාවේ එවැනි පුවක් පැකට් නිපදවිමේ කම්හල් ඉදිකිරිමට අවසර නොදීම ද රජය මගින් ගත හැකි වටිනා තින්දුවක් වනු ඇත.

අන්තර්ජාලයන් උපුටා ගැනීමකි

ශරීරයේ මේධ ප්‍රමාණය දින දෙකකින් අඩු කරන විශ්මිත පානය

දිපතාම අපේ ශරීරය විවිධ විසබීජ වලට නිරාවරණය වේ.තවද විවිධ,ශරීරයට අහිතකර ප්‍රතිපල ලබාදෙන විස ද්‍රව්‍යන් අප ලබාගන්න ආහාර මගින් හා පරිසර දුෂණය මගින් ශරීරගත වේ.මෙමගින් ශරීරය මත ඍනාත්මක බලපෑමක් ඇතිකරයි.ඒ නිසයි ශරීරය මේ ද්‍රව්‍ය වලින් පිරිසිදු කරගැනීම මෙතරම් අත්‍යවශ්‍ය කාරනාවක් වනුයේ. මෙලෙස ශරීරය පිරිසිදු කරගැනීමේ කටයුත්ත හේතුවෙන් ශරීරයේ අන්තර්ගත වන පිළිකාකාරකයන්ද ඉවත් වී යයි.ශරීරය වස විස වලින් පිරිසිදු කරගැනීමේ සාර්ථකම ක්‍රමය වන්නේ අතුරු ආබාධ වලින් තොර ස්වභාවික ක්‍රමයන් යොදා ගනිමින් එම කාර්ය සිදු කිරීමයි.එමගින් ඔබේ ප්‍රතිශක්තීකරණ ශක්තිය තවත් වර්ධනය කෙරෙන අතරම ශරීරයේ බර අඩු කරයි,අධික මේදය දහනය කර නිරෝගී සෞඛ්‍යක් උරුම කරදෙයි.
්‍යදපැ ඍැපැාහ ඔසචි
ශරීරයේ අධික මේදය තැම්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය,දියවැඩියාව හා හදවත සම්බන්ධ රෝගයන් විශාල ප්‍රමාණයක් ඇතිවීමේ අවදානම ඇත.පරීක්ෂනයන් වලට අනුව දියවැඩියාවේ මුලික රෝග ලක්ෂණය ලෙස අධික මේදය තැම්පත් වීම නැතිනම් තරබාරු බව හදුනාගෙන ඇත
අධික මේදය තැම්පත් වීම වලකාලන තැම්පත් වී ඇති මේදය ඉවත් කරගැනීමේ විශ්මිත පිලියමක් පහත දක්වා ඇත.


අවශ්‍ය ද්‍රව්‍ය

පිපිඤ්ඤා ගෙඩි 1 ක්
දෙහි ගෙඩි 1/2ක්
ගාගත් ඉගුරු මේස හැඳි 1ක්  
පාස්ලි අතු කිහිපයක්
වතුර කෝප්ප 1/3

ක්‍රමය
සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.මෙම මිශ්‍රණය දිනපතා නින්දට යාමට පෙර පානය කරන්න.දින කිහිපයකින් ඔබට වෙනසක් දැනුනු නොඅනුමානයි.


කොලෙස්ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න ඕන්නම් මෙන්න මේ විශ්මිත ආහාර වර්ග 5 ආහාරයට ගන්න



නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක් ඕක ගාණකට ගන්නේ නෑ. තව එකක් කෑවට මොකද වෙන්නේ කියලා හිත හිත දිගටම කල් මරනවා. අන්තිමේදී අමාරු වෙලා දොස්තර කෙනෙක් ලගට ගිහින් බය වෙලා ගෙදර ඇවිත් තමයි පෝෂණය ගැන හොයන්නේ. ඒත් ඒ වෙන කොට කොලෙස්ටරෝල් පිරිලා ලෙඩේ වැළඳිලා ඉවරයි. ලෙඩේ හැදුනට පස්සේ පරිස්සම් වෙන එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. කණගාටුවට කරුණ ඔය ටික වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැති එකයි.

කොලෙස්ටරෝල් වැඩි වීමේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒවා රුධිර නාල මත තැන්පත් වෙලා ඒ නාල සිහින් කරන එක. ලේ නාල කියන්නේ අපේ ඇගේ හැම දෙයක්ම තැනකින් තැනකට ගෙනියන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය කිව්වොත් වැරැද්දක් නැහැ. පෝෂක, ඔක්සිජන්, ජලය වගේ හැම දෙයක්ම ශරීරයේ සෑම ෙසෙලයකටම ඛෙදා හරින්නේ ලේ වලින්. ඒත් ඒවා ඇතුලේ කොලෙස්ටරෝල් හිර වුණාම මේ වැඩේ හරියට සිද්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් හදවත වැඩි පීඩනයකින් ලේ පොම්ප කරලා කොහොම හරි දිගටම රුධිර ගමනය තියා ගන්න බලනවා. මේකෙන් වෙන්නේ හදවත අනවශ්‍ය විදිහට වෙහෙසට පත් වෙලා හෘදයාබාධ ඇති වෙන එකයි.

කලින් කිව්වට ගණන් ගත්තේ නැති අය දැන් මේ ලෙඩෙන් බේරෙන්න ක්‍රම හොයනවා ඇති. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අයට තමන්ගේ රුධිර නාල වල තැන්පත් වුණු කොලෙස්ටරෝල් දිය කරලා හරින්න පුළුවන් ආහාර කිහිපයක් ගැනයි. මේවා නිතරම ආහාරයට ගත්තොත් ඔබට කොලෙස්ටරෝල් නිසා ඇති වන රෝග වලින් මිදෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා.

සුදු ළූණු

සුදු ළූණු කියන්නේ අපි කවුරුත් ආසාවෙන් කෑමට ගන්න දෙයක්. කෑම වර්ග රසවත් කරන්න, විශේෂයෙන් බැදපු ආහාර වලට හොඳ රසයක් එන්න සුදු ළූණු කදිමයි. රසය කොහොම වුණත් ගුණය අතින් නම් සුදු ළූණු බොහොම ඉදිරියෙන් ඉන්නේ. විවිධ පරීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා සුදු ළූණු කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන්න හොඳම කෑම වර්ගයක් බව. මේ නිසා වැඩි වැඩියෙන් සුදු ළූණු කෑමට එකතු කර ගන්න. දැනටමත් ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධිකයි නම් දිනපතාම සුදු ළූණු බික් 4ක්වත් කෑමට ගන්න බලන්න. අමුවෙන්ම කන්න හරි, උණු වතුරෙන් තම්බලා හරි කන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ වගේම ගෙදර කෑම වලට දාන සුදු ළූණු ප්‍රමාණය වැඩි කර ගන්න. මේකෙන් ඔබට සැලකිය යුතු ගුණයක් ලබා ගන්න පුළුවන්.

මාළු

මාළු කියන්නේ අපිට බොහොම ගුණදායක කෑම වර්ගයක්. මස් වල අඩංගු තරමටම ප්‍රෝටීන් සහ අත්‍යාවශ්‍ය පෝෂක අඩංගු වුණත් මේදය හා කොලෙස්ටරෝල් මාළු වල තියෙන්නේ ඉතා අඩුවෙන්. මාළු වල තියෙන මේදය ටිකෙනුත් වැඩි ප්‍රමාණයක් ඔමේගා 3 වගේ ශරීරයට හරිම වැදගත් මේද අම්ල. මේවා හදවත් ආශ්‍රිත හැම රෝගයකටම ගුණදායකයි. මධ්‍යම ප්‍රමාණයේ මාළු තමයි වැඩිය හොඳ (අඩි 1-3 දිග) විශේෂයෙන්ම සැමන් මාළු නිතර ගැනීම ශරීරයට ඉතාම හිතකර වෙනවා. පොදුවේ මස් වර්ග කන එක අඩු කරලා මාළු කන එක වැඩි කර ගත්තොත් ඔබට බොහොම කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ලෝකයේ මාළු වැඩියෙන්ම කන රටක් වන ජපානයේ ආයු කාලය මේකට හොඳම සාක්ෂියක්.

දෙළුම්

දෙළුම් කියන්නේ හරිම රසවත් වගේම පුදුම ගුණදායක පළතුරක්. ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් දිය කර හරින්න වගේම රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්නත් සමත් පෝෂක ගණනාවක් දෙළුම් තුල අඩංගුයි. රුධිරය තුල නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය වෙන්න දායක වෙන නිසා රුධිර පීඩනය අඩු කරන්නත් බලපානවා. දෙළුම් ගෙඩියක් පුළුවන් හැම වෙලාවකම කන්න බලන්න.

කහ

කහ කියන්නෙත් ඉතාම පෝෂ්‍යදායි සංයෝගයක්. මෙහි අඩංගු ප්‍රධාන පෝෂකය වන කර්කමින් (ක‍මරජමපැබ) කියන පොලි ෆීනොල් සංයෝගය අපේ ශරීරය තුල අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 26%කින් අඩු කරන්න සමත් බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මේ නිසා හදවත් ආශ්‍රිත රෝග හැම එකකටම ගුණදායකයි. පිළිකා ඇති වීම වළක්වන්නත් කර්කමින් වලට හැකියාවක් ඇති බව ඔබ දන්නවානේ. ඉතින් හැම ව්‍යංජනයකටම කහ ටිකක් වැඩිපුර දාන්න මතක තියා ගන්න.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නෙත් ඔමේගා 3 මේද අම්ල වලින් බහුල තෙල් වර්ගයක්. මීට අමතරව ඔලිව් තෙල් වල අඩංගු ඒකසංතෘප්ත (ඵදබදි්එමර්එැා) මේදය සැලකෙන්නේ අපේ ශරීරයට හිතකර මේද ප්‍රභේදයක් විදිහටයි. මේ නිසා ඔලිව් තෙල් නිතර ආහාර වේලට එක් කර ගත්තාම මස් වර්ග වල තියෙන සංතෘප්ත හා ට්‍රාන්ස් මේදය නිසා ශරීරයට ඇති වන අහිතකර ප්‍රතිඵල වලින් බේරෙන්න පුළුවන්. මේ නිසා ඍජුව වගේම වක්‍රවත් ඔලිව් තෙල් ආහාරයට ගැනීම ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න දායක වෙනවා.

අපි මේ කිව්ව ආහාර වර්ග පහ නිතර කෑමට එකතු කර ගත්තොත් ඔබට තියෙන කොලෙස්ටරෝල් අධික තත්වය අඩු කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැනට ඔබ නීරෝගීව ඉන්න කෙනෙක් වුණත් මේ ආහාර නිතර ගත්තාම ඒ වගේ අනවශ්‍ය රෝග වැළඳීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. පස්සේ කාලෙක දොස්තරලා පොහොසත් කරනවා වෙනුවට දැන්ම නීරෝගීව ඉන්න බැලු‍වොත් හොඳයි නේද?

මේ ලිපිය අනිවාර්යයෙන් ිය්රු කරලා හැම කෙනෙක්ටම මේ දැනුම ඛෙදා හරින්න දායක වෙන්න. ලංකාවේ මිනිස්සු එන්න එන්නම මේ වගේ රෝග වලට ගොදුරු වෙනවා වැඩියි. ඉතින් ඔබටත් සුළුවෙන් හරි දායක වෙන්න පුළුවන් අපේ රටේ නිරෝගී බව ඉහල නංවා ගන්න. අපේ ඒකායන පැතුමත් අපේ රට නීරෝගී රටක් වෙනවා දකින්නයි. ඔබට ජය

තනිව සිටින විට හර්දයාබාදයක් ඇතිවුනොත් නොමැරී බේරෙන්නේ මෙන්න මෙහෙමයි



හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනාවානම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිඛෙනවා.


එවැනි අවස්තාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කලයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.


කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළු වල ඇති යමක් පිටතට ගන්නට උත්සහ කරනවා සේ කහින්න.


සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හර්දස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.


ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැඛෙනවා.


හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටිවහලක් ලැඛෙනවා. එහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සදහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සදහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.


මෙමගින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.


හර්දරෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම

ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරම් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැඛෙන බව.
© all rights reserved
made with by templateszoo