දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා.
රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් වුණා.
ඒ එතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමින්.
අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තා.
දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනු ලැබුවා.
තුන්වැනි ස්ථානය ජපානය සතු වුණා.
විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණියා.
එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණා.
වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණක් වුණා.
අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළා.
34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙනු ලැබුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment