පේරු රාජ්‍යයේ කඳු තරණයට ගොස් අතුරුදන් වූ අමෙරිකානු ජාතිකයකුගේ මළ සිරුරක් වසර 22කට පසු හමුවීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එවකට 59 හැවිරිදි වියේ පසුවුණ විලියම් ස්ටැම්ප්ෆ්ල් නමැති කඳු නඟින්නා 2002 වසරේ ජූනි මාසයේදී පේරු රාජ්‍යයේ උසම කන්ද පිහිටි හුවාස්කැරන් නමැති කඳුවැටිය තරණය කිරීමට ගිය අවස්ථාවේදී ගිරිහිම නිපාතයකට හසුවීමෙන් හිම කන්දකට යටවී අතුරුදන් වී තිබුණා.
පසුගියදා එම හිම කන්ද දියවීම නිසා ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට පේරු දේශයේ පොලිසිය සමත්වී තිබෙනවා.
ඒ වන විටත් මළ සිරුරට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ඔහුගේ ඇඳුම් පැලඳුම් ඒ අයුරින්ම තිබී ඇති බව එරට මාධ්‍ය පවසනවා.
පේරූ රාජ්‍යයේ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මළ සිරුරේ ඇඳුම් අතර තිබී හමුවූ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා මීට වසර 22කට පෙර අතුරුදන් වූ අමෙරිකානු ජාතිකයා බව තහවුරු කර ගෙන ඇති බවයි.
පේරු දේශයේ ලිමා අගනුවරට කිලෝමීටර් 435ක් දුරින් පිහිටි හුවාස්කැරන් කඳුවැටිය තරණය කිරීමට විලියම් ස්ටැම්ප්ෆ්ල් සමග තවත් දෙදෙනකු ගොස් ඇති අතර, ඔවුන්ගේ මළ සිරුර මෙතෙක් හමුවී නැහැ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment