ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.
තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේ.
"පොහොට්ටුව ලකුණින් පක්ෂයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය ගැන අදහස් දැක්වීමක් වුණා. කිහිපදෙනෙක් විරුද්ධ වුණා. අති බහුතරයක් පක්ෂ වුණා. එහිදී අති බහුතරයෙන් සම්මත වුණා ඉදිරි ජනාධිපති මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව. මේ තීරණයට එරෙහි වුණොත් ඒ අයටත් පක්ෂයේ කිසියම් කෙනෙක් පක්ෂ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් යෝජනා සම්මත වුණා."

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment