මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් බව පොලීසිය පවසනවා.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගිය පුද්ගලයා මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු බව සඳහන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment