අද (10) පස්වරුවේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියකින් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම දුම්රිය මාර්ගය දුම්රිය වර්ජනයත් සමඟ අධික මගී තදබදයක් සහිතව ප්‍රධාන මාර්ගයක්.
ඔහු කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටෙන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු කර තිබෙනවා.
එනිසා දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ අධික මගී තදබදයක් ද ඇතිවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment