සංචාරක ඉන්දීය කණ්ඩායම හමුවේ පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 43ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27දා) රාත්‍රියේදී සිදුවුණා.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදී ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 214ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 170ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට පන්දු 52කින් ලකුණු 84ක සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, සෙසු පිතිකරුවන්ට එය ජයග්‍රාහී අවසානයක් කරා රැගෙන යාමට නොහැකි වුණා.
ඉනිම ගොඩනැගීමේදී පැතුම් නිස්සංක පන්දු 48කින් ලකුණු 79ක් රැස්කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඉන්දියාවට එරෙහිව ලබාගත් වැඩිම විස්සයි20 ලකුණු සංඛයාව ලෙසින් වාර්තා අතරට එක් වුණා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා සිටියේ කුමාර් සංගක්කාර වන අතර, ඔහු 2009 වසරේදී නාග්පූර්හිදී පැවැති තරගයකදී පන්දු 37කින් ලකුණු 78ක් රැස්කර තිබුණා.
මෙහිදී පන්දු 27කින් ගොඩනැගුණු කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 45කට සීමාවද්දී, කුසල් පෙරේරා පන්දු 14කින් රැස්කළේ ලකුණු 20ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් අක්සාර් පටෙල් (2/38), අර්ෂ්දීප් සිං (2/24) හා රියාන් පරාග් (5/3) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.
තරගයේ වීරයා ලෙසින් සූර්යකුමාර් යාදව් සම්මාන දිනාගත්තා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment