මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමග එකඟතා ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සමග මේ වනවිටත් එකඟතා ගිවිසුම්වලට එළැඹ ඇති බව වාර්තා වනවා.
ශ්‍රි ලංකා රේගුව සමගද ඊයේ (10) දිනයේදී එකඟතා ගිවිසුමකට එළැඹ තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි පොලීසිය මගින් සිදුකරන ලබන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් හුවමාරු කරගැනීම සඳහා අනෝන්‍ය එකඟතාවයන්ට පැමිණීම මෙහි අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
මේ තුළින් දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් විමර්ශන සඳහා තොරතුරු ලබාගැනීමේ දී පැවති ප්‍රමාදවීම් අවම වන බවත් අදාළ විෂයයන් සම්බන්ධව මනා පලපුරුද්දක් ඇති නිලධාරී කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමෙන් එම කටයුතු කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකියාව පවතින බවත් පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment