බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළ ලිඛිත විරෝධතා නීතිපතිවරයා විසින් අද (11) කොළඹ මහාධිකරණයට භාරදුන්නා.
ඒ ඇය ඉල්ලූ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බව විනිසුරුවරයා නියෝග කළා.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.
එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.
 
 
 
 
.jpeg) 
 
.jpeg)

 
 
 
 Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
    
No comments
Post a Comment