ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව සහ ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.
ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.
එසේම ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment