ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආබාධයකට ලක් වී තිබෙනවා.
මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පන්දු රැකීමේ පුහුණුවීමවල නිරත වන අවස්ථාවේ දී ඔහු ආබාධයකට ලක් වී ඇති බව සඳහන්.
ඒ අනුව ඉන්දීයාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට නුවන් තුෂාරට අහිමි වනු ඇති.
ඔහුගේ ආදේශකයක් ඩිල්ෂාන් මධුෂංඛ කැඳවීමට ක්‍රිකට් ආයතනය සැලැසුම් කර ඇති බවටයි එහි ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ද මෙම සංචිතයෙන් ඉවත් කෙරුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment