කුවේට් රාජ්‍යයේ සේවය කර නැවත මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු මාවතගම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.
රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම සඳහා එම පැහැරගැනීම සිදුකර තිබුණා.
විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment