ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි.
දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment