ලොකු පැටී සමග සිටි කංජිපානි ඉම්රාන් හා රොටුඹේ අමිල රුසියාවට පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා
මේ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ මෙතෙක් නිල වශයෙන් දැනුවත් වී නොමැත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඒ පිළිබඳව තහවුරු කරන ලෙස ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එසේම ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉම්රාන් හා රොටුඹේ අමිල මාකඳුරේ මධූෂ් සමග ඩුබායීහීදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අතර අනතුරුව ඔවුන් දෙදෙනා අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟව සිටියා.
මෙම සැකකරුවන් සියලුදෙනාම පොලීසියට අත්‍යාවශ්‍ය අපරාධකරුවන් බව පොලීසිය පවසනවා.
 
 
 
 
.jpeg) 
 
 
 
 
 Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
    
No comments
Post a Comment