වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබුවා.
වතු කම්කරු වටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
මෙම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment