එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව තිබෙනවා.
මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වනවා.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 - 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
එමෙන්ම දෙරට අතර මේ දක්වා (2009 - 2022) විස්සයි20 තරග 03ක්ද පැවැත්වී ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාවයි.
දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වේ. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එක්දින තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 2022-2025 අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේද පැවැත්වෙනවා.
මෙම අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානය හිමිව තිබෙනවා.
ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩාකර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් පරාජය වී තිබෙනවා.
කෙසේ නමුත් අයර්ලන්ත කණ්ඩායම පසුවන්නේ මෙහි අවසන් ස්ථානයේය. මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති ඔවුන්, ඉන් තරග 10ක්ම පරාජය වී තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment