ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් තබා තිබෙනවා.
එම නියෝගය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
නමුත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම තීන්දුව ප්‍රකාශ කිරීම සැප්තැම්බර් 4 වැනි දින දක්වා කල්තබන බව සඳහන් කර තිබෙනවා.
තවද හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඔහු ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව තීන්දුව ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment