Slider

බත් කාපු ගමන් මේ දේවල් කරනවාද... ජිවිතේට ආසාවක් තියෙනවනම් මේ දේවල් ටික කරන්න එපා



ජීවත් වීම සදහා ආහාර අනුභව කිරීම අනිවාර්යයෙන් කල යුතු දෙයක්. ඒ වගේම තමයි කන බොන ජාති මිලදී ගනිද්දී හා ආහාරයට ගැනීමේදී අපි සෞඛ්‍යආරක්ෂිත බව ගැන දෙවරක් සිතිය යුතුයි. මෙලෙසින් හැම අතින්ම පරිස්සම් වෙලා ආහාර ගැනීම සිදු කලත් තවත් සිතිය යුතු දෙයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි ආහාර ගැනීමෙන් පසු නොකල යුතු දේවල් මොනවාද යන්න.


බත් කාපු ගමන් පලතුරු කන්න එපා
පලතුරු කන්න එපා කිව්වම ඔබට නිකන් මේක විහිළුවක් යයි කියා සිතේවි. පලතුරු කොතරම් අපේ සෞඛ්‍යට හිතකර වුවත් එය ආහාරයට ගැනීම සදහා සුදුසුම වේලාව නම් කාපු ගමන්ම අනිත් පැත්තට නොවේ. බත් කාපු ගමන් පලතුරු කෑවොත් එමගින් උදරය තුල වාතය පිරිම සිදුවන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එය අපේ සෞඛ්‍යට හානිකර තත්වයක්. ආහාර ගැනීමට පැයකට පෙර හා ආහාර ගැනීමෙන් පැයකට පසු එළඛෙන කාලය තුල පලතුරු අනුභවය වඩාත් සුදුසුයි

බත් කාපු ගමන් සිකරට් බොන්න එපා
මේ වැඬේ නම් සිකරට් බොන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් දෙනා කරන වැඩක්. එත් මේ විදියට කාපු ගමන් සිකරට් බිව්වොතින් සිකරට් මගින් අපිට පිළිකා වැළදීමේ අවධානම දෙගුණ තෙගුණ වෙනවා. වෛද්‍යවරුන් පවසන පරිදි ආහාර ගත් සැ‚න් දල්වන එක් සිකරට්ටුවක හානිය වෙනත් වේලාවන්හි බොන සිකරට් 10කට සමාන වෙනවා

බත් කාපු ගමන් තේ බොන්න එපා
බත් හරි මොනවහරි ප‍්‍රධාන ආහාරයකින් අනතුරුව ප්ලේන්ටියක් බොන්නත් අපේ ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. සමහරුන්ට නම් බත් කාපු ගමන් තේ එකක් නොබී ඉන්නම බෑ. එතරමටම ඇබ්බැහි වෙලා. හැබැයි ඔබ විසින් ඔබේ රස නහර පිනවන්න කරන මේ වැඬේ නම් එතරම් හොද වැඩක් නෙවෙයි. තේ කොල වල තියෙන අම්ල ගතිය නිසා ආහාර මගින් ලබා දෙන පෝෂණ සංගටක සිරුරට අවශෝෂණය කර ගැනීමේ ක‍්‍රියාවලිය අඩාල කරනවා. ඒ කියන්නේ ඔබ කොතරම් පෝෂණ ගුණයෙන් යුක්ත කෑම වර්ග කෑවත් වැඩක් නෑ කාපු ගමන් තේ එකක් බිව්වොත් ප්‍රෝටීන් , විටමින් , යකඩ සිරුරට අවශෝෂණය වන්නේ නෑ. තේ එකක් බොන්නම ඕනේ නම් අඩුම ගානේ බත් කාලා පැයකට වත් පස්සේ බොන්න

බත් කාපු ගමන් ඇවිදින්න යන්න එපා
බත් කාපු ගමන් ඔබ පොඩි වෝක් එකක් දාන්න ගියොත් අර කාපු දේවල් සිරුරට අවශෝෂණය කර ගැනීම ටිකක් අපහසු වෙන්න පුළුවන්. එම නිසා ආහාර වල පෝෂණ ගුණය විනාශ වී යන්නට ඉඩ තියෙනවා

බත් කාපු ගමන් නාන්න හෝ ඇග සොදන්න එපා
ස්නානය කරන විට හෝ ඇගපත හෝදන කොට අපේ සිරුරේ ලේ ගමනාගමනය වේගවත් වෙනවා. විශේෂයෙන් අපේ අත් හා පාද ආශ‍්‍රිත ප‍්‍රදේශ වල මේ ක‍්‍රියාව සිදු ඉතාම වේගවත් වෙනවා. එවිට උදරය අවට රුධිරය අඩු වීම සිදු වන නිසා ආහාර අවශෝෂණ ක‍්‍රියාවලියට බාධා සිදු වෙනවා. මෙමගින් හදවත් රෝගද ඇති විය හැකි බවයි සෞඛ්‍ය බලධාරින් පවසන්නේ

බද පටිය බුරුල් කරන්න එපා
බඩ පැලෙන්න කන ගොඩක් දෙනා මේ වැඩෙත් කරනවා. හැබැයි මේකත් ඉතාම නරක ක‍්‍රියාවක් බවයි පැවසෙන්නේ. බත් කාපු ගමන් බදපටි බුරුල් කරොත් බඩවැල් වල සංකුලතා ඇති වෙන්න පුළුවන් බව වෛද්‍යවරුන් පවසනවා.

බත් කාපු ගමන් නිදා ගන්න එපා
බත් හෝ වෙනත් ප‍්‍රධාන ආහාර වේලක් අනුභව කරාම නිදිමත හැදෙන එක හැමෝටම සාමාන්‍ය දෙයක්. එත් නිදිමත දැනුණා කියලා කවදාවත් එහෙම නිදා ගන්න හොද නෑ. එය සෞඛ්‍යට අහිතකරයි. මෙමගින් ආහාර ජීර්ණ ක‍්‍රියාවලියට බාධා සිදු වෙන අතරම උදරය හා බඩවැල් ආශ‍්‍රිත ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ථුලතාවය ඇති වීමටද මෙය ප‍්‍රධාන හේතුවක් වෙනවා

ඔන්න මේ තමයි බත් කාපු ගමන් කරන්න හොද නැති වැඩ 7. මෙතනදී මම බත් කාපු ගමන් කිව්වට අදහස වෙන්න ඕනේ ප‍්‍රධාන ආහාර වේලක් ගත් සැ‚න් මේ වැඩ කරන්න හොද නෑ කියන එකයි. අපි ඉතින් තුන්වේලටම බත් කන ජාතියක් නිසයි මන් ඒ විදියට මේ ලිපිය ලිව්වේ. එහෙනම් යාලූ‍වනේ මේ ලිපිය වැදගත් කියලා ඔබට හිතෙනවා තවත් කෙනෙකුට බලන්න පහලින් ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබට ජය
0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo