Slider

ටි ගමන් ඇති වෙලා ඔබ අසරණ කර වූ මුහුණේ මාංසපේශි ආඝාත තත්ත්වයක් සුව කරන්නේ කොහොමද?

මුහුණේ පැත්තක මාංසපේශී ආඝාතයට ලක් වීමත් ඔබ අහලා නැතිව ඇති. ඒ කියන්නේ මුහුණේ පැත්තක මාංසපේශි වැඩ කරන්නෙ නැතිව යනවා. අකර්මණ්‍ය වෙනවා.

අංශභාගයට ලක් වෙනවා. හිතාගන්නත් බැහැ නේද එහෙම මුහුණේ විකෘතියක් ඇතිවුණොත් ඔබට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. දැක්ක කෙනකුට මුහුණේ මේ වෙනස සැනින් වැටහෙනවා.

කොහොමද මේ වගේ වෙන්නේ? ඔබට එවැනි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. සරලවම මේ ගැන කියා දෙනවා නම් ඒක මෙහෙමයි.

පුරාණ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානම දෙයක් තමයි රෝගියා ඇවිත් පවසන දේටත් වඩා එහා ගිහින් රෝග පරීක්‍ෂාවකින් නිවැරැදිවම රෝග තත්ත්වය අවබෝධ කරගැනීම. එය පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයේ හඳුන්වන්නේ ත්‍රිවිධ රෝග පරීක්‍ෂා විධි කියලයි. ආප්තෝපදේශ, ප්‍රත්‍යක්‍ෂ සහ අනුමාන යන එම විධි ත්‍රිත්වයයි.

අපට පුළුවන් ඉන්ද්‍රියයන්ට ගෝචර වන දෙය අනුව රෝගය නිසැකයෙන්ම දැනගන්න.

කන උපයෝගී කරගෙන රෝගියාගේ අන්ත්‍ර කූජනය හෙවත් බඩවැල් තුළ ඇතිවන ශබ්ද, අස්ථි සන්ධිවල ඇතිවන ශබ්ද, කටහඬෙහි වෙනස්වීම්, හෘදයේ, පෙණහලු ආදී අන්‍ය ස්ථානවල ඇතිවන ශබ්ද පරීක්‍ෂාවෙන් යමක් දැනගත  හැකියි.

පුරාණ වෙදකමේ එය ගැඹුරින් උගන්වනවා.

ඇස උපයෝගී කරගෙන,  ශරීර වර්ණය ආකෘතිය, ස්ථුල කෘශ ආදී වශයෙන් ශරීර ප්‍රමාණය, කාන්තිය, මුත්‍ර වර්ණය, මල වර්ණය නේත්‍ර හා දිවේ වර්ණය ආදී ලක්ෂණ පරීක්‍ෂා කළ හැකියි. එසේම නාසය උපයෝගී කරගෙන රෝගියාගේ ශරීරයේ හෝ මල මුත්‍රා ස්වේදෙස් ආදියෙහි හෝ ඇති ස්වාභාවික හෝ අස්වාභාවික හෝ ගන්ධයන් පරීක්‍ෂා කළොත් රෝගය හරියටම අල්ලා ගත හැකි දැනුම පුරාණ වෙදකමෙන් අපට උරුම වෙලා තියෙනවා. අද වෙද්දී දියුණු උපකරණ මඟින් මේවා සොයා ගත්තත් පුරාණ වෙදකමේ ඒවා සැණින් අල්ලා ගත්තේ රෝගියා පරීක්‍ෂා කළ සැණින්මයි. ඒවා අද තියෙන පරීක්‍ෂණවලට වඩා විශ්වාසදායකයි.

පංච පරීක්ෂා පොතේ ‍ෙදාස් තදින් කිපීමෙන් ශරීර උපද්‍රවලට හේතු සොයාගත හැකි බව දක්වා තිබෙන්නේ මෙහෙමයි.

“‍ෙදාසකොපෙඝනොල්පෙච පූර්ව නාඩි පරීක්‍ෂයෙත් අතිසා ‍ෙදාස්ථිතෙයශ්‍ය විඝෙණයං හෙජ්ජඑටං” යනාදී වශයෙනුයි. මෙහි සරල අර්ථය මෙහෙමයි.

“‍ෙදාස් කිපීමේදී පළමුවෙන්ම තද අඩු නාඩි පරීක්ෂා කරන්නේය. ‍ෙදාස් තදින් කිපීමෙන් උපද්‍රවයට හේතුව සොයාගත හැක්කේය.

මෙහෙම වුණේ හත්වැනි කපාල ස්නායුව අනතුරට පත්වීම නිසා ඇතිවන්නක් බව අපට රෝගියා පරීක්‍ෂාවෙන් වටහාගත හැකි වුණා. මෙය වැඩිදියුණු තත්ත්වයට පත් වුණාම මාංසපේශීන් හයක් පමණ ආඝාතයට ලක්වීමට පවතින ඉඩකඩ වැඩියි.

එහෙම වුණාම ඇස් පිය වැසීමට බැරි වෙනවා. නළල රළු කිරීමට බැරි වෙනවා. කට පැත්තකට ඇදී යනවා. කට සෝදන විට වතුර මුඛය කෙළවරින් පෙරෙනවා. කලාතුරකින් සංවේදී බවත් නැතිව යන්න ඉඩ තියෙනවා. මෙම රෝග තත්ත්වයට ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. එය ඉතා කෙටි කාලයකින් සුව කළ හැකි පුරාණ බෙහෙත් හා ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ස්නායු පිබිදවීමේ සත්කාරයත් ප්‍රධානයි. ඒ සඳහා වන ව්‍යායාම් කිහිපයකුත් රෝගය සුව වෙමින් තිබියදී නිර්දේශ කළ හැකියි. කල් බල බලා නොඉඳ ප්‍රතිකාර නම් ගත යුතුමයි. දේශීය වෙදකමේ ස්නායු පිබිදවීමත්, පේශීන් අකර්මණ්‍ය වීමත් යන කාරණාවලට ඉතා ඉහළ ප්‍රතිකාර හා සත්කාර බොහෝමයි.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය

අඟහරුවාදා – අතුරුගිරිය 8-12 සහ නිට්ටඹුව බදාදා රත්නපුරය, සිකුරාදා මහනුවර, අඹතැන්න, සෙනසුරාදා වෙන්නප්පුව ඉරිදා  මහනුවර අඹතැන්න.

සුලක්ඛන ජයවර්ධන 

0

No comments

Post a Comment

disqus, mystorymag
© all rights reserved
made with by templateszoo