ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසුවා.
මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment