ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පවතින අධික වර්ෂාවත් සමග එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු නායයෑමට හසුව ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ 19 දෙනා සොයා සහන සේවකයින් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment