ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව වුණා.
පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන අදියර මේ දක්වා ක්‍රියාත්මකව නොමැති බව සඳහන් වනවා.
මේ වන විට යොදා ගනු ලබන නවීන පිළිකා සත්කාරයේ ප්‍රමිතිගත බොහෝ වැදගත් අංගයන් 2013 වසරේදී අත්සන් කරන ලද මුල් ගිවිසුමේ පිරිවිතර තුල නොපවතින බැවින්, වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ නිර්දේශ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත පළමු අදියර යටතේ සපයා දී ඇති රේඛීය ත්වරණකාරක යන්ත්‍ර වැඩි දියුණු කිරීමටත්, දෙවන අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 5 සඳහා නවීනතම වර්ගයේ විකිරණ චිකිත්සක උපකරණ ප්‍රමුඛතා පදනම මත 2024- 2026 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සපයා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment