පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා.
එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරනු ලබනවා.
පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment