
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ එරට තුළ පවතින රජයට එරෙහිව විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර පිහිටි බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනි තබා තිබෙනවා.
කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වී ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසනවා.
ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටුව සිට තිබෙනවා.
ගිනි නිවන හමුදා භටයන් ගින්න නිවා දැමීමට හා එම පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment