සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් අද (19) දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ත් 60ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment