මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව සූසාන භූමියේ ඉදිරිපිට තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වෙනිදින මාකඳුරේ මදුශ් ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබුණ අතර එහි සඳහන් වූයේ " අපේ අයියේ..... එක එක්කෙනා එවනවා.අපි එනකම් බලාගන්න.... යනුවෙනුයි.
මදුෂ්ගේ ඡායාරූපයට පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් ද එහි සටහන් කර තිබුණා.
මේ අතර මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ දෙවන බිරිඳගේ නිවස ආසන්නයේ " පාතාලයේ හැම එකාම මධුෂ් ගිය තැනට යන්න සැරසියල්ලා " සහ " කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි" යනුවෙන් පෝස්ටර් දෙකක් අලවා ඇති බව වාර්තා වනවා.
එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර තිබෙනවා.
මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයි වාර්තා වනවා.
මේ අතර ක්ලබ් වසන්ත ඝාතනය වූ දා මධුෂ්ගේ අනියම් බිරිද මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව ද වාර්තා වනවා.

.jpeg)

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment