පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසනවා.
ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණා.
හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් ඇති බවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment