ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් තිබෙනවා.
අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment