තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන හංවැල්ල බටේවෙල ප්‍රදේශයේ පදිංචි නැටුම් පන්ති ගුරුවරයෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ගේ ලිංගික අවයව අත පත ගාමින් ඔවුන්ව කාමර තුලට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද වාර්තා වනවා.
සැකකරු සම්බන්ධයෙන් තවත් පොලිසි කිහිපයකට ද පැමිණිලි ලැබී ඇතැයි පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම පුද්ගලයා දිවයිනේ ප්‍රධාන අමාත්‍යංශයක පරිශ්‍රයටද ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment