ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබෙනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මේ බව පැවසුවා.
ඒ මහතා සඳහන් කළේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළ බවයි.
කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස්විමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment