තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේදිය නෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙකු ගල්වළක ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තිස්සමහාරාම පොලීසිය පවසනවා.
තිස්සමහාරාම පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේම සොයාගත් බව හා දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන මව සහ 14 හැවිරිදි සහ 9 හැවිරිදි වියේ පසුවන ඇගේ දියණියන් දෙදෙනායි.
ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment