පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කරනවා.
මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණා.
මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර තිබුණත් මගීන් මෙම වර්ජනය නිසා දැඩි අපහසුතාවකට මුහුණ දුන්නා.
වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පැවසුවේ වර්ජනය ක්‍රියාත්මක වුණත් ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරිමට කටයුතු කළ බවයි.
ඊට අමතරව ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද මගීන්ගේ අවශ්‍යතාව අනුව ධාවනය සඳහා එක්කළ බවත් ඒ මහතා සඳහන් කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment