විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල්හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කර සිටියේ, සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රු 25කින් අඩුකරන අතර රයිස් සහ කොත්තු මිල රු 25කින් පහළ දමන බවයි.
පරාට, බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත බවද ප්ලේන් ටී එකක මිල රුපියල් 5කින් අඩු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment