අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ (16) රාත්‍රී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි අයෙක් බව පොලීසිය සඳහන් කළා.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ධම්මික නිරෝෂන් නම් අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බව සඳහන්.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා ඇති බව වාර්තාවනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment