ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසිනි.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකුටයි.
2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් තිබෙනවා.
6 වැනි විත්තිකරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් කෙරුණා.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 2017දී නඩු පවරා චෝදනා ගොනුකර තිබුණා.
නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment