මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ විගස ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයිඅද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.
තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා එහිදී පැහැදිලි කළා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව සහ තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිතව හුවමාරු කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවබැඳී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment