ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය දිසා අධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා.
ඒ, කැලනිවේලි වතුයායේ බීරුට් තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරී ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළවයි.
ජීවන් තොණ්ඩමාන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.
පසුගිය මැයි මස 30 වැනිදා ජීවන් තොණ්ඩමාන් ඇතුළු පිරිසක් අදාළ කර්මාන්ත ශාලාවට බලහත්කාරී ලෙස ඇතුළු වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් වතු පාලානාධිකාරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඊට අදාළ වීඩියෝ පට ද ඉදිරිපත් කර තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment