කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාකෑමේ සිද්ධි රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අය අතර "රෙඩ් බානාවත්තේ පුතා" සහ "මරදානේ ඉම්රාන්" යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද වන බව පොලීසිය සඳහන් වනවා.
එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6ක්, පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර සහ මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී පරිගණක සොරා ගැනීම, නිවාස සංකීර්ණයක මුරකුටියේ තිබූ පරිගණක ඇතුළු දේපොළ රැසක් සොරා ගැනීම, කොම්පඤ්ඤ වීදිය සුපිරි වෙළෙඳසැලක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ තුනහමාරකට අධික වටිනා පාපැදියක් සොරා ගැනීම හා ලැප්ටොප් පරිගණක බහා තිබූ බෑග්වල තිබූ මුදල් පසුම්බිවල ATM කාඩ්පත් සොරාගෙන ඒවායින් කිරිපිටි සහ කේක් මිලදීගෙන තිබූ බවයි.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment