කොලොන්න ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සඳහා යොදාගත් විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් මිද්දදෙනිය මුරුන්ගස්යාය ප්‍රදේශයේ වළදමා තිබියදී සොයාගෙන තිබෙනවා .
පොලීසිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බවයි.
පසුගිය 07 වනදා රාත්‍රි කාලයේදී කොලොන්න අප්ටන්වත්ත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතබා ඝාතනයක් සිදුකර තිබුණා.
සිදුකළ මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එක් සැකකරුවෙකුගේ නිවසේ වළදමා තිබියදී මෙම ගිවිඅවිය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසුවා.
සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ සිදු කරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment