ඊයේ (25) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව හා ගොඩනැගෙන්නට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන සඳහා 30%ක්, පළාත් සභා සඳහා 35%ක් හා පාර්ලිමේන්තුව සඳහා 40% බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙන අතර ඊට බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා 90%ක්, පාර්ලිමේන්තුව සඳහා 70%ක් සහ පළාත් සභා සඳහා 70% ක් ඉල්ලා තිබෙනවා.
මෙම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති අතර මේ ඉරිදා එනම් හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment