රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ ජීවිතක්ෂයට පත්වුණු සිව් හැවිරිදි දැරිය ඇගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බවට මේවන විට අනාවරණ වී තිබෙනවා.
ඊයේ (17) එම දැරිය ඇය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇති බව රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසුවා.
අවුරුදු 4යි මාස 10ක් වයසැති දැරිය කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නමැති පුංචි දියණියක්.
පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ එම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
පොලීසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවයි.
මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෘත ශරීරය මේ වනවිට මියගිය දැරියගේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.
රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment