ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් වුණා.
ඒ මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජය කරමින්.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස්කළා.
එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස්කරගත්තා.
ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින්.
එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක කාන්තාවක් රැස්කළ පළමු ශතකයද වනවා.
ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 40ක් පමණයි.
පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment