තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) අළුයම 3.00ට නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙනවා.
එසේම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
 
 
 
 
.jpeg) 
 

 
 
 
 Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
    
No comments
Post a Comment