මහජනතාවට පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසාදීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
තනි පුද්ගල පදනම මත 2024 වසරේ ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාබී බැංකු මගින් ලබාගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව මෙම පොලී සහනාධාරය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment