තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද (24) අලුයම 3ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපවත්වෙනවා.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළුවනවා.
ඉහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවරයින්ට හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment