ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමිනුයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස්කර ගත්තා.
එහිදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක් රැස්කළා..
ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 38ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ෆේබියන් ඇලන් කඩුලු 04ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 03ක් දවාගත්තා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment