යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බවයි.
පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්හාස දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බවද ඉන් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment