ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ වයිරසය හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය එම 36 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.
‘චන්දිපුර’ යනු වැලි මැස්සන් සහ කිනිතුල්ලන් නිසා ව්‍යාප්ත වන වයිරස උණ රෝගී තත්වයකි. මෙය කුඩා දරුවන්ට ඉතා ඉක්මනින් ආසාදනය වන වයිරසයකි.
‘චන්දිපුර’ වයිරසය පළමු වරට ඉන්දියාවෙන් හමුවූයේ 1965 වසරේදීය. ඒ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘චන්දිපුර’ නමැති ගම්මානයෙනි.
වයිරසය එම නමින් හැඳින්වෙන්නේ එහෙයිනි. ‘චන්දිපුර’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද විමසිල්ලෙන් පසුවෙයි.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment