කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (1) නියෝග කළේය.
අසූ නව හැවිරිදි පුද්ගලයා කලක් විදේශගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ඇප උපස්ථාන කළ බව කියන 58 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව විවාහ කරගෙන ඇත.
සැමියාට අසනීප වීමෙන් අනතුරුව විවාහක බිරිඳ විසින් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඥාතියකු බව කියන විත්තිකාර කාන්තාව ඇතුළු පිරිසක් රෝහල් බලධාරීන්ට නොදන්නවා ඔහුව එම රෝහලෙන් රැගෙන ගොස් ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව නාරාහේපිට පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු දක්වමින් පැවසීය.
ගල්කිස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා මියගොස් ඇති බවත් මිය යාමෙන් අනතුරුව විත්තිකාර කාන්තාව ඇතුළ පවුලේ ඥාතීන් විසින් අවසන් කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙලෙස පැහැරගෙන ඇත්තේ දේපළ අත්පත් කර ගැනීමේ අරමුණින් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.තම ඥාතියාට ඇප උපස්ථාන කළ කාන්තාව ඔහු විවාහ කරගෙන ඇති බව පවුලේ කිසිවකුත් නොදන්නා බවත් ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවද සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාවට ඇප නීයම කළේය.
(රෝෂන් තුෂාර)

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment