ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙන උප දුම්රිය ස්ථාන 172 හිම උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එකතු වී ඇති අතර මේ නිසා මහ ජනතාව තව දුරටත් අපහසුතාවයට ලක් වී තිබෙනවා.
උප දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට එකතු වීමත් සමග මහ ජනතාව කබලෙන් ලිපට.
දුම්රිය දෙපාර්තමේන්තුව අවසාන නිවේදනය නිකුත්කරයි
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව අද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
A9 පාර වස්සපු 'ගින්න අස්සේ' ගෑස් සිලින්ඩර 50ක් ?
අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ, හේතුවෙන් ඒ - 9 මාර්ගය ද තාවකාලික වසා දැමීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
අද (05) අළුයම මෙම ගින්න හටගෙන ඇති අතර එය අසළ වෙළෙඳසැල්වලටද ව්‍යාප්ත වී තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අදාළ අවන්හලේ ගෑ-ස් සිලින්ඩර 50ක් පමණ ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් ගින්න තවදුරටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව සඳහන්.
ඒ අනුව ගින්න පාලනය කිරීමේ කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (1) නියෝග කළේය.
අසූ නව හැවිරිදි පුද්ගලයා කලක් විදේශගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුට ඇප උපස්ථාන කළ බව කියන 58 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව විවාහ කරගෙන ඇත.
සැමියාට අසනීප වීමෙන් අනතුරුව විවාහක බිරිඳ විසින් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඥාතියකු බව කියන විත්තිකාර කාන්තාව ඇතුළු පිරිසක් රෝහල් බලධාරීන්ට නොදන්නවා ඔහුව එම රෝහලෙන් රැගෙන ගොස් ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව නාරාහේපිට පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු දක්වමින් පැවසීය.
ගල්කිස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා මියගොස් ඇති බවත් මිය යාමෙන් අනතුරුව විත්තිකාර කාන්තාව ඇතුළ පවුලේ ඥාතීන් විසින් අවසන් කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙලෙස පැහැරගෙන ඇත්තේ දේපළ අත්පත් කර ගැනීමේ අරමුණින් ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.තම ඥාතියාට ඇප උපස්ථාන කළ කාන්තාව ඔහු විවාහ කරගෙන ඇති බව පවුලේ කිසිවකුත් නොදන්නා බවත් ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවද සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාවට ඇප නීයම කළේය.
(රෝෂන් තුෂාර)